රටම කම්පා කරමින් දැරියක් අවාසනාවන්ත ලෙස මියයි..සීයගෙන් වෙච්ච වැරැද්දක්.

Police Accident Sri Lanka Akuresse Little baby accident
By Aruna Jan 03, 2022 05:21 AM GMT
Report

නිවසක කොරිඩෝවේ නවතා තිබූ කැබ් රථයක් පිටුපසට ගැනීමේදී කැබ් රථයේ පිටුපසු නැග සිටි දරුවෙක් "වැරැන්ඩා කොටසේ" සිරවී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අකුරැස්ස පොලිස් වසමේ නිමලව ප්‍රදේශයේදී, ඊයේ (02) උදෑසන කාලයේදී එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස අනතුරින් මියගොස් ඇත්තේ, තුන්විරිදි නිලමව, කනංකේ ප්‍රදේශයේ පදිංචි කුඩා දරුවෙක්.

එම කැබ් රථය පදවා ඇත්තේ, මියගිය දරුවාගේ සීයා බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔහුගේ අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් එම අනතුර සිදුවී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අනතුර සම්බන්ධයෙන් මියගිය දරුවාගේ සීයා අත්අඩංගුවට ගෙන ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now