විසි අට දෙනෙකු ගමන්ගත් බස් රථයක් පෙරලෙයි..
අද (30) උදෑසන නුවරඑලිය උඩුපුස්සැල්ලාව සිට මඩකලපුව දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් බස් රථයේ ගමන් ගත් 18 දෙනෙකු තුවාල ලබා වලපනේ ප්‍රාදේශිය රෝහලට සහ රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව වලපනේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එන්.ඩි.හෙට්ටිආරච්චි පවසයි.
අනතුරෙන් තුවාල ලැබු කාන්තාවන් පස්දෙනෙකු රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මහ රෝහලට සහ අනෙකුත් තුවාලකරුවන් වලපනේ ප්‍රාදේශිය රෝහලේ ඇතුලත් කර ඇති බවත් අනතුරෙන් තුවාල ලැබු අයගේ තත්ත්වය බරපතල නොවන බවත් වලපනේ පොලිසිය කියා සිටියේ ය.
බස් රථය ගමන් ගත් මාර්ගය අධික බැවුමක් සහිත මාර්ගයක් බවත් බස් රථයේ තිරිංග පද්ධතියේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් අනතුරට හේතුව වි ඇති බවත් අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන වලපනේ පොලිසිය කියා සිටි අතර බස් රථය අනතුරට පත් වන අවස්තාවේ බස් රථය තුළ 28 දෙනෙකු ගමන් කර ඇත.