මගීන් 30ක් ගමන් කළ බස් රථයක් පෙරලෙයි..

Sri Lanka Accident
By krishani Sep 28, 2022 02:31 AM GMT
Report

ඊයේ(27) රාත්‍රී අනුරාධපුර සිට කදුරුවෙල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මින්නේරිය යුද හමුදා කඳවුර ආසන්නයේදී මාර්ගයේ ලිස්සා ගොස් පෙරලී යාමෙන් අනතුරක් සිදු වී ඇත.

පැවති වර්ෂා සහිත කාලගුණික තත්ත්වයත් සමග මෙම අනතුර සිදුවී ඇත. බස් රථයේ සිටි මගීන් පිරිසක් මෙම අනතුරින් තුවාල ලබා ඇති අතර කුඩා ළමුන් දෙදෙනෙකු ද ඒ අතර වේ.

අනතුර සිදුවන අවස්ථාව වන විට බස් රථයේ මගීන් 30 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර තුවාල ලැබූ 6 දෙනා හිගුරක්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පොළොන්නරුව රෝහලට මාරුකර යවා ඇත.

මෙම අනතුර බස් රථයේ රියදුරාගේ අපරීක්ෂාකාරී රිය පැදවීම හේතුවෙන් සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණ වී ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.

තුවාලකරුවන් පොළොන්නරුව රෝහලට ඇතුලත් කර තිබෙන අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.

මින්නේරිය පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.