මාරක රිය අනතුර ජිවිතයකට ගෙනා සංවේදී ඉරණම..

Sri Lanka Police Sri Lanka Accident
By krishani Sep 04, 2022 05:11 AM GMT
Report

මිරිහාන - මහරගම ප්‍රධාන මාර්ගයේ දී මාරක රිය අනතුරක් සිදුව ඇත.

මහරගම නගරයේ දී එදෙස සිට මිරිහාන දෙසට ධාවනය වූ යතුරුපැදියක් අපරික්ෂාකාරී ලෙස මෝටර් රථයක් ඉස්සර කිරීමට යාමේ දී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනකු සහ ත්‍රීරෝද රථයේ රියදුරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව යතුරුපැදියේ පසුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර මරණකරු 28 හැවිරිදි උඩුගම - ගාල්ලේ පදිංචිකරුවෙක් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join