ළමුන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස මිය යයි..කිසිවෙකුට මෙවන් විපතක් සිදු නොවේවා..
තලාව ප්රදේශයේ තිරප්පනේ වැව අසල දී ඊයේ (25) වන අලි පහරදීමකට ලක් වූ ළමයකු අනුරාධපුර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.
මෙලෙස මියගිය ළමයා වයස අවුරුදු 15 ක් වන තිරප්පනය, තලාව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මියගිය ළමයා තවත් ළමයින් පිරිසක් සමඟ වන අලි නැරඹීම සඳහා තිරප්පනේ වැව අසලට ගොස් සිටියදී මෙම වන අලි ප්රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වී ඇත්තේ.
තලාව පොලිසිය සඳහන් කළේ, මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි.
මේ අතර, බාල සොහොයුරා සමග බයිසිකල් පදිමින් සිටී 13 හැව්රිදි පිරිමි දරුවෙකුගේ ශරීරයට පාන් ලොරියක යකඩ දොරක් ගැලවී පතිතවීමෙන් එම දරුවා මියගොස් තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.
මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව , හබරලගහලන්ද ප්රදේශයේ පදිංචි 13 හැවිරිදි දරුවෙක් බවයි පැවසෙන්නේ.
ඔහු සිය බාල සොහොයුරා සමග බයිසිකල් පදිමින් වාද්දුව රතු ගේට්ටුව දෙස සිට හබරලගහලන්ද දෙසට ගමන් කරමින් සිටියදී , ඉදිරියෙන් පැමිණි පාන් ලොරියේ පැති යකඩ දොර ගැලවී දරුවාගේ පපුවේ වැදී දරුවා විසිවී බිම ඇදවැටී දොර ශරීරය මත පතිත වී ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.
බරපතළ තුවාල ලබා සිටී දැරුවා පානදුර මූලික රෝහලට ඇතුලත් කර දැඩ් සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |