විවාහ මංගල උත්සවයට ගිය ගමන අතර මඟදී නිමාවෙයි..කිසිවෙක් නොසිතූ සිදුවීම මෙන්න..
දඹුල්ල හබරණ මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් කාන්තාවක් අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙන බව වාර්තා වනවා.
දඹුල්ල සිට හබරණ දෙසට ධාවන වූ කැබ්රථයක් එම දිසාවටම ධාවනය වූ මෝටර් රථයක් ඉස්සර කිරීමට යාමේ දී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරිරථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි, පොලීසිය පැවසුවේ.
අනතුරින් තුවාල ලැබූ කැබ්රථයේ ගමන් කළ කාන්තාවක් හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ, හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේ පදිංචිව සිටි සන්ධ්‍යා කුමාරි නම් 44 හැවිරිදි කාන්තාවක් බවයි පැවසෙන්නේ.
ඇය තවත් පිරිසක් සමග විවාහ මංගල්‍යය උත්සවයකට සහභාගී වී නැවත නිවෙස් බලා එමින් සිටි අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති අතර එහිදී තවත් දෙදෙනෙකු ද මෙම අනතුරින් තුවාල ලබා තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, බරපතළ තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙක් අවුරුදු තුනක පමණ කුඩා ගැහැණු දරුවෙකු බවත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇයව මහනුවර රෝහලට මාරුකර යවා ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.