තමාගේ රථයටම යටවී ව්‍යාපාරිකයෙක් ජීවිතක්ෂයට පත් වූ සිදුවීම මෙන්න..

Sri Lanka Police Accident Death
By Aruna Apr 30, 2024 02:16 AM GMT
Report

තම රථයටම යට වී ජීවිතක්ෂයට පත් වූ ව්‍යාපාරිකයෙක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බියගම සියඹලාපේ ගලහිටියාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 57ක පුද්ගලයෙක් බවයි පැවසෙන්නේ.

ඔහු තමාට අයත් ලෑන්ඩ් කෲසර් ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථය ඔහුම පදවාගෙන පැමිණ නිවස ඉදිරිපිට බෑවුම් ප්‍රදේශයක නවත්වා රථය පණගන්වා තිබියදී අත් තිරිංග ඇද රථයෙන් බැස ඉදිරියට ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

ඔහු එලෙස ඉදිරියට යද්දී පිටුපසින් ඔහුගේම රථය පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එහි දී ව්‍යාපාරිකයා එම රථයටම යට වී බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ ව්‍යාපාරිකයා බියගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර ඇති අතර, එහි දී ඔහු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.