තරුණයින් 03ක් යටකර පලාගිය කැබ් රථය සහ එහි සිටි තිදෙනෙක් අත්අඩංගුවට ගැනේ.(UPDATE)

Police spokesman Sri Lanka Police Accident Death
By Aruna Mar 09, 2024 01:11 AM GMT
Report

Update 

අනුරාධපුර - රඹෑව මාර්ගයේ කිලෝමීටර 13 සහ 14 කණු අතර ප්‍රදේශයේදී, සංගීත ප්‍රසංගයක් නරඹා යමින් සිටි තරුණයින් පිරිසක් යටකර පලාගිය කැබ් රථය එහි සිටි තුන්දෙනෙකු සමඟ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

පොලිසිය සඳහන් කළේ, අනුරාධපුරය - යාපනය මංසන්ධියේදී පොලිස් භාරයට ගත් මොවුන් ප්‍රදේශයේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයක සේවකයන් බවයි.

ඔවුන්ද අදාළ සංගීත ප්‍රසංගය නැරඹීමට ගොස් පැමිණෙමින් සිටින අතරතුර මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කැබ් රථය පැදවූ තරුණයා 18 හැවිරිදි වියේ පසුවන අතර, ඔහුට රියදුරු බලපත්‍රයක්ද නොමැති බව දැනට සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.

........................................

සංගීත ප්‍රසංගයක් නරඹා යමින් සිටි පිරිසක් යටකර කැබ් රථයක් පලා යයි..03ක් මරුට..

අනුරාධපුර - රඹෑව මාර්ගයේ 13 -14 කණුව අතරදී සංගීත ප්‍රසංගයක් නරඹා ආපසු යමින් සිටි පිරිසක් යටකර කැබ් රථයක් පලා ගිය බිහිසුණු සිද්ධියක් වාර්තා වනවා.

මෙ අනතුරින් තිදෙනෙක් (03) මියගොස් ඇති බවත්, තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරින් මියගොස් ඇත්තේ, පිරිමි පුද්ගලයින් තිදෙනෙකු වන අතර කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළු කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

මේ අතර, තිරිංග අක්‍රීය වූ බස් රථයක් ගනේමුල්ල දුම්රිය හරස් මාර්ගයේ හරහා ගොස් සංඥා කණුව ගැටී නතරවීමෙන් ඊයේ(08) පස්වරු 7.30 ට පමණ අනතුරක් සිදුව තිබෙනවා.

මීට අචදාල ඡායා රූපයන් පහතින්.

GalleryGallery