අවුරුදු 10ක දරුවෙකු ඇඳක් මත මියයයි.. යළි පණ එන්න කරපු වැඩේ මෙන්න.(VIDEO)
බඩල්ගම පොලිස් වසමේ ආඬිමුල්ල ප්‍රදේශයේ නිවසකින් සැක කටයුතු දුර්ගන්ධයක් ඇති වන බවට ලැබුණු තොරතුරක් මත පොලිස් විමර්ශනයක් ක්‍රියාත්මක වී තිබෙනවා.
ඒ ඊයේ (09) දිනයේ දි යි.
එහි දී අදාළ නිවසේ කාමරයක ඇඳක් මත මියගොස් සිටි වයස අවුරුදු 10ක පමණ පිරිමි දරුවෙකුගේ මළසිරුරක් හමු වී ඇති බව පොලිසිය වාර්තා කරනවා.
මෙම දරුවා පසුගිය හත් වැනි දා උගුරේ සෙම සිරවීම ආශ්‍රිත රෝගී තත්ත්වයකින් පෙළී තිබෙන අතර, දරුවාගේ දෙමව්පියන් විසින් ඔහු කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් සඳහා යොමු නො කරනු ලැබ බවයි සඳහන් වන්නේ.
දෙමව්පියන් විසින් දරුවා ව කාමරයක තබා රෝගය සුව වන තුරු ආගමික යාඥාවක් සිදු කර ඇති අතර, එම යාඥාව අතර තුර දරුවා මිය ගොස් තිබෙනවා.
ඉන් පසු ද නැවත දරුවාගේ ප්‍රාණය එන තුරු ඔවුන් අදාළ ආගමික යාඥාව සිදු කර ඇති අතර, කිසිදු අවස්ථාවක දරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර නෑ.
දරුවාගේ මවත් පියාත් හා මිත්තනියත් යන තිදෙනා ම මේ වන විට අත් අඩංගුවට ගෙන තිබෙනවා.
සිදුවීම සම්බන්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය කරුණු වාර්තා කර ඇති අතර, මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත යි.
වැඩිදුර විමර්ශන කටයුතු බඩල්ගම පොලිසිය විසින් මෙහයවෙනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |