අඩි 150ක ප්‍රපාතයකට කැබ්රථ රථයක් පෙරළෙයි..බස් රථයකටත් ගල් ප්‍රහාරයක්(PHOTOS)

Sri Lanka Bus accident Maharagama Embilipitiya Cab accident Cdb
By Aruna Dec 11, 2021 11:42 PM GMT
Report

බණ්ඩාරවෙල ඇල්ලතොට දී ඊයේ (11)සවස කැබ් රථයක් පාරෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයක පිහිටි ගගකට පෙරළීමෙන් එහි රියදුරු බරපතළ තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසිය කියයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ කැබ් රථයේ රියදුරු බවද පොලිසිය කියයි. දියතලාව සිට බණ්ඩාරවෙල දක්වා ගමන් ගත් කැබ් රථයක් මෙසේ අනතුරට ලක් වී තිබේ.

රියදුරු බීමත්ව සිටියේ ද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වයි. ගඟට පෙරළී තිබූ කැබ් රථයේ සිටි රියදුරු කඩිනමින් පිටතට ගැනීමට පොලිසිය ප්‍රදේශවාසීන් සමඟ පරිශ්‍රමයක් දැරූහ.

මේ අතර ඇඹිලිපිටිය, කුට්ටිගල පොලිස් ස්ථානය ආසන්නයේදී මහරගම ඩිපෝවට අයත් ලංගම බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ලවී ඇති බවට වාර්තා වනවා.

මෙලෙස ගල් ප්‍රහාරයට ලක් වූ බස්රථය ඇඹිලිපිටියෙන් හවස 5.30 මහරගම බලා ගමන් යන බස් රථයක් බවයි පැවසෙන්නේ..

ඡායා රූප accident first


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery