පාන් ලොරියේ යකඩ දොර පාසල් සිසුවෙකුට ගෙනා සංවේදී ඉරණම..
Sri Lanka Police
Sri Lanka
Accident
By krishani
සිය බාල සහෝදරයා සමගින් බයිසිකල් පදිමින් සිටී 13 හැව්රිදි පිරිමි දරුවෙකුගේ ශරීරයට පාන් ලොරියක යකඩ දොරක් ගැල වී වැටී තිබෙනවා.
එමගින් එම දරුවා මියගොස් ජිවිතක්ෂයට පත් විය.
මෙලෙස මියගොස් ඇත්තේ වාද්දුව , හබරලගහලන්ද ප්රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් දරුවෙක් වේ.
සිය බාල සොහොයුරා සමග බයිසිකල් පදිමින් වාද්දුව රතු ගේට්ටුව දෙස සිට හබරලගහලන්ද දෙසට ගමන් කරමින් සිට තිබෙනවා.
එහිදී ඉදිරියෙන් පැමිණි පාන් ලොරියේ පැති යකඩ දොර ගැලවී දරුවාගේ පපුවේ වැදී ඇත.
ඉන් දරුවා විසි වී බිම ඇදවැටී දොර ශරීරය මත පතිත වී ඇති බව පොලීසිය පැවසීය.
එම අනතුරින් බරපතළ තුවාල ලබා සිටී දැරුවා පානදුර මූලික රෝහලට ඇතුලත් කර දැඩ් සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |