මාරක රිය අනතුරකින් දෙදෙනෙක් මිය යයි..

Sri Lanka Accident
By krishani May 22, 2023 04:13 AM GMT
Report

ඊයේ (21) හයිලෙවල් මාර්ගයේ කොස්ගම අලුත් අම්බලම ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සහ බහාලුමක් ප්‍රවාහනය කරමින් සිටි ට්‍රක් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

එම අනතුරින් ත්‍රීරෝද රථයෙහි ගමන් ගත් දෙදෙනෙකු එලෙස මිය ගොස් ඇති බව කොස්ගම පොලීසිය සඳහන් කළේ ය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයෙහි ගමන් ගත් තවත් අයෙකු අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ත්‍රීරෝද රථය කොස්ගම දෙස සිට අවිස්සාවේල්ල දෙසට ගමන් කර ඇති අතර බහාලුම් රථය අවිස්සාවේල්ල දෙස සිට කොස්ගම දෙසට ධාවනය වන අතරතුර දී මෙලෙස මුහුණටමුහුණ ගැටී ඇත්තේ.

අනතුරත් සමග බහාලුම් රථය මාර්ගයෙන් ඉවතට හැරවීම නිසාවෙන් ඒ අසල තිබූ දුරකථන කණුවක ගැටීමෙන් අදාළ දුරකථන කණුව කැලණිවැලි දුම්රිය මාර්ගය මතට ඇද වැටී ඇත.

මේ අතර, ඒ හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට සුළු වේලාවක් බාධා එල්ල විය.

අනතුරුට සම්බන්ධ බහාලුම් රථයේ රියදුරු කොස්ගම පොලීසිය මගින් අත්අඩංගුවට ගැණින.

කෙසේවෙතත්, සැකකරු අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join