බස් දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණ බිහිසුණ අනතුර - 26ක් රෝහල් දෙකකට ඇතුළත් කරලා..

Kegalle Hospitals in Sri Lanka Accident Latest Headlines
By krishani May 18, 2024 01:50 PM GMT
Report

අද (18) පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

බස් දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණ බිහිසුණ අනතුර - 26ක් රෝහල් දෙකකට ඇතුළත් කරලා.. | Accident At Kegalle 18Th May 2024

ඒ කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේ දී පස්වරුවේ 4.00ට පමණ බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇත.

හෙට දිනයේ වලංගු වන පරිදි ජනතාවට කලින්ම කළ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

හෙට දිනයේ වලංගු වන පරිදි ජනතාවට කලින්ම කළ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ය.

නුවර සිට අවිස්සාවේල්ල බලා ධාවනය වු පෞද්ගලික බස් රථයේ අධික වේගයත් අපරික්ෂාකාරි ලෙස වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමත් නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

සරසවි සිසුවියකට තරුණයින් 06ක් හිරිහැර කරලා - වහාම ක්‍රියාත්මක වුණ තරුණිය එවලේ කළ දෙය..

සරසවි සිසුවියකට තරුණයින් 06ක් හිරිහැර කරලා - වහාම ක්‍රියාත්මක වුණ තරුණිය එවලේ කළ දෙය..


එම අනතුරින් තුවාල ලැබූවන් කෑගල්ල මහ රෝහලට සහ තොරනගහපිටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බව පිංදෙනිය පොලීසිය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, අනතුරට පත් එක් බස් රථයක රියදුරෙක් බරපතළ තත්වයෙන් ප්‍රථිකාර ලබන බවත් අනෙක් රෝගියා කාන්තාවක් බවත් වාර්තා විය.