පියෙකුට සහ පුතෙකුට දිවි අහිමි කළ මාරක රිය අනතුර.

Sri Lanka Police Kandy Accident
By krishani May 17, 2023 06:22 AM GMT
Report

ඊයේ (16) මහනුවර සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

මෙලස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පියෙක් සහ පුතෙකු වන අතර මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු පැද වූ ජිප් රථයක මොවුන් ගැටී තිබෙන්නේ.

බූවැලිකඩ සංඝමිත්තා මාවතේ චන්ද්‍රික සම්පත් රුද්‍රිගු (41) සහ විමන්ත රුද්‍රිගු (10) යන අය මෙලෙස මියගොස් ඇත්තේ.

මොවුන් කිසියම් අවශ්‍යතාවයක් සඳහා මාර්ගය හරහා ගමන් කරන විට මෙම අනතුර සිදු වී ඇත.

අනතුර සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අද (17) දින මහේස්ත්‍රත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, ඊයේ (16) ඇඹිලිපිටිය උඩවලව මාර්ගයේ 98 හන්දිය අසල දී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී අනතුරක් සිදු විය.

එන අනතුරින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය කොළඹගෙආර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18ක තරුණයෙක් ය.

වේගය පාලනය කරගත නොහැකිව යතුරුපැදිය පාරෙන් ඉවතට පැන ගසක වැදී මෙම අනතුර සිදු වී ඇති බව වාර්තා වේ.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join