විදේශයක දී සිදු වූ බිහිසුණු රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයෙක් ජිවිතක්ෂයට.
ඉතාලියේ බෙර්ගමෝ නගරයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයකු පසුගිය දා සිදු වු බිහිසුණු මාර්ග අනතුරකින් ජීවිතක්ෂයට පත් විය.
එලෙස ජීවිතක්ෂයට පත් වූයේ මාරවිල, කටුනේරිය පදිංචි 45 හැවිරිදි සංජීව ප්‍රදීප් ප්‍රනාන්දු නැමති දෙදරු පියෙක් ය.
ඔහු අවශ්‍යතාවයක් සදහා ඉතාලියේ බෙර්ගමෝ නගරයේ පිහිටි පොලීසිය වෙත පාපැදියෙන් ගමන් කරමින් සිටිය දී විරුද්ධ දිශාවෙන් පැමිණි කන්ටේනර් රථයක ගැටී තිබෙනවා.
එහිදී බරපතළ තුවාල ලබා සිටි සංජීවව රෝහල් ගත කරන විටත් මරණයට පත් වී තිබෙනවා.
ඔහු මීට වසර 24කට පමණ පෙර ඉතාලියේ සේවය සඳහා ගොස් ඇත.
කෙසේවෙතත්, ඔහු සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග ඉතාලියේ ජීවත්ව ඇති අතර මියගිය සංජීවගේ අවසන් කටයුතු ඉතාලියේ බෙර්ගමෝ නගරයේ දී පසුගිය 21 වනදා සිදුකර තිබෙනවා.
මේ අතර, තමිල්නාඩුවේ දී සිදු වූ අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 19,20 සහ 21 හැවිරිදි වියේ පසුවූ පිළිවෙලින් දයාලන්, ජෝන් සහ චාල්ස් නමැති තරුණයින් තිදෙනෙක් ය.
ඔවුන් තිදෙනාම යතුරුපැදියක ගමන්කරමින් සිටිය දී මෙලෙස අනතුරට ලක් වී තිබෙන්නේ.
ඒ යතුරුපැදිය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් ය.
එහිදී බරපතළ තුවාල ලැබූ තරුණයින් තිදෙනා රෝහල්ගතකිරීමට පියවර ගෙන තිබෙනවා.
කෙසේවෙතත්, ඔවුන් ඒ වනවිටත් ජීවිතක්ෂයට පත්ව ඇති බව අනාවරණය වී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |