සැඩ පහරක් කළ හරියක් - දෙදරු පියෙක් සදහටම අවසන් ගමන් යැවූ බිහිසුණු ගමන කෙළවුර වුණ හැටි.. සංවේදී දර්ශන සහිතයි.. (PHOTOS/VIDEO)

Sri Lanka Police Sri Lanka Police Investigation Accident Death Latest Headlines
By krishani Jan 07, 2024 11:52 PM GMT
Report

ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී සැඩ පහරකට හසුවූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

සැඩ පහරක් කළ හරියක් - දෙදරු පියෙක් සදහටම අවසන් ගමන් යැවූ බිහිසුණු ගමන කෙළවුර වුණ හැටි.. සංවේදී දර්ශන සහිතයි.. (PHOTOS/VIDEO) | Accident At Giradurukotte

ඒ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ දී ය.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගිරාඳුරුකෝට්ටේ හොබරියාව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙක් ය.

පැවති අධික වර්ෂාවත් සමග උල්හිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබෙනවා.

ඒ අනතුරු ඇඟවීම් ද නිකුත් කරමින් ය.

සැඩ පහරක් කළ හරියක් - දෙදරු පියෙක් සදහටම අවසන් ගමන් යැවූ බිහිසුණු ගමන කෙළවුර වුණ හැටි.. සංවේදී දර්ශන සහිතයි.. (PHOTOS/VIDEO) | Accident At Giradurukotte

නමුත් පෙරේදා රාත්‍රියේ ඒ පිළිබඳව නොතකා රත්කිඳ - හොබරියාව මාර්ගයේ උල්හිටිය ඔය හරහා ඇති පාලමෙන් ත්‍රිරෝද රථයක් ධාවනය කර ඇත.

එහිදී එම ත්‍රීරෝද රථය සැඩ පහරට හසුව තිබෙනවා.

එයින් පුද්ගලයෙක් මියගොස් ඇති අතර එම පුද්ගලයා ද ගසාගෙන ගොස් ඇති බව සඳහන් වේ.

ඒ අනුව මළ සිරුර එම පාලම ආසන්නයේ සිට කිලෝමීටර් 04ක පමණ දුරක ඔයෙහි තිබූ ගසක රැඳී තිබි ඇත.

වීඩියෝ දර්ශන - Ada Derana


කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Sponsored By Sarrita Jewellery

සැඩ පහරක් කළ හරියක් - දෙදරු පියෙක් සදහටම අවසන් ගමන් යැවූ බිහිසුණු ගමන කෙළවුර වුණ හැටි.. සංවේදී දර්ශන සහිතයි.. (PHOTOS/VIDEO) | Accident At Giradurukotte