රිය අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට - රියදුරු පලා ගිහින්..
Sri Lanka
Accident
By krishani
ගල්නෑව - හිරිපිටියාව තඹුත්තේගම ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
ගල්නෑව දෙස සිට බුල්නෑව දෙසට ධාවනය කළ මෝටර් රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ දකුණු පසට ගොස් ගසක ගැටී පෙරළී අනතුර සිදුව ඇති අතර අනතුර සිදු වූ අවස්ථාවේ මෝටර් රථය පදවාගෙන ආ රියදුරු පළාගොස් ඇත.
අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් පිරිමි පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා ඇති අතර ගල්නෑව රෝහලට ඇතුළත් කිරීමේ දී ඉන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
තුවාල ලැබු අනෙක් පුද්ගලයින් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |