07කට දිවි අහිමි කළ දියතලාවේ මෝටර් රථ ඛේදවාචකයේ නොදත් තොරතුරු රැසක් එළියට..

Sri Lanka Police Hospitals in Sri Lanka Accident Death Latest Headlines
By krishani Apr 21, 2024 04:31 PM GMT
Report

අද (21) පස්වරුවේ දියතලාව ෆොක්ස් හිල් මෝටර් ධාවන තරගය අතුරතුර සිදු වූ අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකුට දිවි අහිමි වූයේ ලංකාවම සංවේදී කරවමින් ය.

07කට දිවි අහිමි කළ දියතලාවේ මෝටර් රථ ඛේදවාචකයේ නොදත් තොරතුරු රැසක් එළියට.. | Accident At Diyathalawa

එමෙන්ම, පොලීසිය සඳහන් කළේ එම අනතුරින් තවත් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි.

2024 ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගාවලිය අද පෙරවරුවේ දියතලාව නරියාකන්ද ධාවන පථයේ දී ආරම්භ විය.

මෙම තරගාවලිය වසර 5කට පසුව මෙවර පැවැත්විණ.

දින 04ක් රටපුරා සුරාසැල් වැසෙයි - සම්පූර්ණ විස්තරය මෙතනින්..

දින 04ක් රටපුරා සුරාසැල් වැසෙයි - සම්පූර්ණ විස්තරය මෙතනින්..


එය අවසන් වරට 2019 වර්ෂයේ අප්‍රේල් 21 වන දින මෙම ධාවන තරගාවලිය පවත්වා තිබෙනවා. 

පසුව පාස්කු ප්‍රහාරය හේතුවෙන් එම තරගය අතරමග නතර කිරීමට සිදු වූ අතර ඒ අනුව වසර 5ක කාලයක් එම තරගාවලිය නොපැවැත්විණ.

එම තරගාවලිය දැකබලා ගැනීම සඳහා මෙවර විශාල ජනසහභාගීත්වයක් දැකිය හැකි විය.

අද පෙරවරුවේ ආරම්භ වු ධාවන තරගය පැවැත්වෙන අතර වාරයේ මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු විය.

එම අනතුරින් මියගිය පුද්ගලයින් 7 දෙනා අතර 8 හැවිරිදි දැරියක් ද වූ බව පොලීසිය සඳහන් කළේ ය.

දියතලාවේ මෝටර් රථ ධාවන තරගයේදී මියගිය ගණන ඉහළට.. - (UPDATE/VIDEO - PHOTOS)

දියතලාවේ මෝටර් රථ ධාවන තරගයේදී මියගිය ගණන ඉහළට.. - (UPDATE/VIDEO - PHOTOS)


කෙසේ වෙතත්, ධාවන තරගයේ සහායකවරුන් 4 දෙනෙකු ද අනතුරින් මියගිය අතර අනතුරත් සමග ධාවන තරගාවලිය නතර කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.