පුහුණු නියමුවන් සමගින් හෙලිකොප්ටර් යානා දෙකක් ගැටෙයි..

United States of America Accident
By krishani Apr 28, 2023 06:14 AM GMT
Report

අමෙරිකානු ගුවන් පුහුණු සැසියක් අතරතුර හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරුට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ ඇලස්කාවේ ගුවන් පුහුණු පථය ආශ්‍රිතව අදාළ පුහුණු සැසිය සිදුකරන අවස්ථාවේ දී එහි පුහුණු නියමුවන් සමග යානා දෙකක් අනතුරට ලක් වී තිබෙනවා.

එහි සිටි නියමුවන් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව එරට ගුවන් හමුදා බලධාරීන් ප්‍රකාශ කළේ ය.

යානයේ නියමුවන් දෙදෙනා සම්බන්ධයෙන් නිල තොරතුරු ලැබුණු විට මාධ්‍ය වෙත ලබාදීමට පියවර ගන්නා බවත් අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් එරට හමුදා ප්‍රකාශක John Pennell ප්‍රකාශ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join