ප්රදේශ කිහිපයකින්ම වාර්තා වූ මාරක රිය අනතුරු....
දිවයිනේ ප්රදේශ කිහිපයකදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පුනරීන්, උහන, ඇල්පිටිය සහ වරකාපොළ යන පොලිස් වසම්වලදි මෙම අනතුරු සිදුව තිබුණා.
පුනරීන් සිට යාපනය දෙසට ධාවනය වූ යතුරුපැදියක් වේගය පාලනය කරගත නොහැකිව කොන්ක්රීට් කණුවක ගැටීමෙන් 27හැවිරිදි තරුණයෙකු මියගොස් තිබෙනවා.
තිස්සපුර ප්රදේශයේදී යතුරුපැදියක් ට්රැක්ටර් රථයක් පසුකර යාමට ගත් උත්සාහයේදී මාර්ගය හරහා ගිය සුනඛයෙකු එහි ගැටීමෙන් අනතුරක් සිදුව තිබුණා.
අනතුරින් යතුරුපැදිය පැදවූ පැදිකාරිය ට්රැක්ටර් රථයට යටවීමේන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටිය දී මියගොස් ඇති බව වාර්තා වී තිබෙනවා.
50 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක් මෙලෙස මියගොස් තිබුණා.
තවද අම්බලන්ගොඩ මාර්ගයේ කුරුඳුගහපල්ලිය ආසන්නයේදී ඇල්පිටිය දෙස සිට අම්බලන්ගොඩ දෙසට ධාවන වූ බස් රථයකට යටවීමෙන් 41 හැවිරිදි අයෙක් මියගොස් තිබෙනවා.
මේ අතර කොළඹ-නුවර මාර්ගයේ තෝලංගමුව ප්රදේශයේදී මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් එම දිශාවටම ධාවනය වූ යතුරුපැදියක පිටුපසින් ගැටීමෙන් පුද්ගලයන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුනා.
බස් රථය යතුරුපැදියේ ගැටීමෙන් පසු යතුරුපැදිය පෙරළී ගොස් පැදිකරු සහ පසු පැදිකරු මාර්ගයේ ඇද වැටී බස් රථයේ ඉදිරිපස රෝදයට හසුවීමෙන් ඔවුන් දෙදෙනා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
මෙලෙස මියගොස් ඇත්තේ 38 හා 43 හැවිරිදි වියේ පසුවූ මාතලේ සහ කෑගල්ල ප්රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.