වෑන් රථයක් තාප්පයක ගැටී 06ක් රෝහලට යවයි.(PHOTOS)

Accident
By Aruna Sep 17, 2023 04:22 AM GMT
Report

හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී අද (17) අලුයම වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටිමෙන් එකම පවුලේ හයදෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසනවා.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි පිරිසක් මෙසේ තුවාල ලබා ඇති අතර , මොවුන් ලුණුගල නෑදෑ නිවසකට ගොස් ආපසු බණ්ඩාරවෙල බලා යමින් සිටියදී මෙසේ අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සදහන් කළේ.

අනතුරින් පියා, මව , දියණියන් තිදෙනකු සමග පියාගේ සහෝදරියක තුවාල ලබා ඇති බවත් , මොවුන්ගේ තත්ත්වය තරමක් බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග පැවසීය .

දුම්රියක ගැටී පුද්ගලයෙක් මියයයි.

දුම්රියක ගැටී පුද්ගලයෙක් මියයයි.


GalleryGallery