දේශපාලන ප්‍රබලයෙකු මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුතෙක් කළ වැඩක් මාට්ටු වෙයි..

Sri Lanka Accident
By Aruna Jun 23, 2022 02:28 AM GMT
Report

සුපිරි මෝටර් රථයක් බීමත්ව ධාවනය කරමින් මහ මග ගමන්ගත් පුද්ගලයෙකු අනතුරට ලක්කර පලාගිය සමගි ජන බලවේගයේ දේශපාලන ප්‍රබලයකු මෙන්ම ප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුතකු ඇතුළු දෙදෙනෙකු මහජනතාව විසින් අල්වාගෙන කඳාන පොලිසිය වෙත ඊයේ බාර දී තිබෙනවා.

ජා ඇල වැලිගම්පිටිය තුම්පෑලිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර මෙහි සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික මර්වින් ධර්මවර්ධනගේ හෙවත් ගුරුගේ මැනික් ව්‍යාපාරිකයාගේ පුතු සිටින බව කඳාන පොලිසිය සඳහන් කරයි.

මෙම රථය කෝටිපති ව්‍යාපාරිකයාට අයත් අතර මෙහි ගමන්ගත් දෙදෙනාම බීමතින් සිට ඇත.

අනතුරින් මියගොස් ඇත්තේද කඳාන ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි.

මෙම අනතුර කා අතින් සිදුවූයේද වග ආරක්ෂිත කැමරා දර්ශන ආශ්‍රයෙන් පරීක්ෂා කරන අතර බීමතින් රිය පදවා මාරක රිය අනතුරක් සිදුකිරීමේ චෝදනාව මත වාහනය පැදවූ සැකකරු අත්අඩංගුවට ගන්නා බව කඳාන පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now