මවක් තම දරුවා කැළණි ගඟට දැමූ සංවේදී සිදුවීම මෙන්න..

Sri Lanka Accident
By Aruna Jun 16, 2022 02:07 AM GMT
Report

මවක (42) විසින් සිය දරුවා ද ගඟට දමා සියදිවි හානිකර ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වාර්තා කර තිබෙනවා.

වත්තල - කදිරාන පාලම අසලදී ඊයේ (15) මෙම මව විසින් තම පස් වියැති දරුවා කැලණි ගඟට දමා ඇති අතර, ඉන්පසුව ඇය ද සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමේ දී ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් වැළකී ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේ, ප්‍රදේශවාසීන් එක්ව අදාළ මව අල්ලා පොලිසියට භාර දී ඇති අතර, කැලණි ගඟට දැමූ දරුවා තවමත් අතුරුදන් බවයි.

අතුරුදන් වූ දරුවා සොයා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now