උපාධි ප‍්‍රදානෝත්සවය මළගමක් වූ දක්ෂිණ අධිවේගයේ බිහිසුණු සිදුවීම මෙන්න.(PHOTOS)

Accident Southern highway accident
By Aruna Feb 28, 2022 02:41 AM GMT
Report

උපාධි ප‍්‍රදානෝත්සවයට සහභාගි වී යළි නිවස කරා පැමිණෙමින් සිටි එකම පවුලේ අටදෙනකුගෙන් යුත් පිරිසක් ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 29, දොඩන්ගොඩ ප‍්‍රදේශයේදී සිමෙන්ති පටවාගත් ලොරියක ගැටී සිදුවූ අනතුරකින් පියා මියගොස් කුඩා දරු තිදෙනකු ඇතුළු සිව්දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.

පේරාදෙණි උපාධි ප‍්‍රදානෝත්සවයට ගොස් එද්දී අනතුරක්: - සුපිරි රිය අධිවේගයේදී සිමෙන්ති ලොරියක හැපී එක් අයෙක් මරුට අනතුරින් මියගොස් ඇත්තේ අක්මීමන කපුගේ වල ගමගේ වත්ත පදිංචිව සිටි උනන්පිටිය ගමගේ රත්නසේන නමැති 67 හැවිරිදි අයයි.

තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ පිරිස අතර වෛද්‍ය උපාධිය ලද විසි නව හැවිරිදි තරුණියක, මෝටර් රථය පැදවූ ඇයගේ සහෝදරයාගේ වයස අවුරුදු හත, හතර හා එකහමාර අතර පසුවන දරු තිදෙනා ද වන බව පොලිසිය කියයි.

මෝටර් රථය පැදවූ පුද්ගලයාට කිසිදු තුවාලයක් සිදුවී නැත.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථය පැදවූ මියගිය අයගේ පුතා වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුමේ රියැදුරකු ලෙස කටයුතු කරන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවැති වෛද්‍ය උපාධි ප‍්‍රදානෝත්සවයට සහභාගි වී යළි අක්මීමන නිවස කරා අධිවේගී මාර්ගය ඔස්සේ මෝටර් රථයෙන් යමින් සිටියදී කිලෝමීටර් 29 දොඩන්ගොඩ ප‍්‍රදේශයේදී මාර්ගයෙන් නියමිත මංතීරුවේ ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ සිමෙන්ති පටවාගත් ලොරියක පිටුපසින් ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

අනතුර වන අවස්ථාවේ මෝටර් රථයේ ඉදිරිපස රියැදුරුට අමතරව වම් පස අසුනේ උපාධිය ලද තරුණියත් සැකකාර රියැදුරුගේ වැඩිමහල් දියණියත් ගමන් කර ඇත.


පසුපස අසුනේ වම්පස පියාත්, මවත් රියැදුරුගේ බිරිඳත් කුඩා දරු දෙදෙනාත් ගමන් කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. අනතුරත් සමගම මෝටර් රථයේ වම් පස පෙදෙසම සුන්බුන් ගොඩක් බවට පත්ව තිබුණි.

මියගිය පියාගේ සිරුර මෝටර් රථයෙන් පිටතට විසි වී මාර්ගයට වැටී එම ස්ථානයේ විශාල ලේ දහරාවක් ගලා ගෙන ගොස් තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සැකකාර රියැදුරුගේ අපරික්ෂාකාරී නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery