යුද්ධ හමුදා සෙබළෙක් පොලිස් ලොක්කෙකුගේ අත සපා කයි..සිදුවූ අමුතුම දේ මෙන්න.0
ගල්නෑව පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ දකුණු අත සපා කා තුවාල සිදු කළ පුද්ගලයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස තුවාල සිදු කළ පුද්ගලයා යුද්ධ හමුදා සෙබළෙකු බව පොලිසිය පැවසීය.
තුවාල ලැබූ ගල්නෑව පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ගල්නෑව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කොට ඇත.
ගල්නෑව, හිරිපිටියාව මහජන ක්‍රීඩාංගණයේදී පෙරේදා (පෙබ. 19) රාත්‍රී පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර ක්‍රීඩාංගණයෙන් පිටත ප්‍රධාන මාර්ගයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් සමථයකට පත් කිරීමට එම ස්ථානාධිපතිවරයා මැදිහත්වූ අවස්ථාවේ මෙය සිදුවී තිබේ.
ගැටුමෙන් තුවාල ලැබූ යුද්ධ හමුදා සෙබළා ද ගල්නෑව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.
සැකකාර යුද්ධ හමුදා සෙබළා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පොළොන්නරුව, අරලගංවිල කාලතුවක්කු රෙජිමේන්තුවේ සේවයෙහි නියුතු පුද්ගලයෙකි.
ඔහු ගල්නෑව, හේමාගම. හල්මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |