ඔයත් ඌරු මස් රසැති කෝපි පානය කර තියෙනවද..? ඔයාටත් ඕන නම් යන්න මෙතනට..(PHOTOS)

China Junk Food Fast Food
By Sewvandhi Feb 20, 2024 02:52 PM GMT
Sewvandhi

Sewvandhi

in ආහාර
Report

 චීනයේ චන්ද්‍ර අලුත් අවුරුද්ද සනිටුහන් කිරීමට ලෝක ප්‍රසිද්ධ කෝපි අවන්හල් ජාලයක් මගින් චීනයට පමණක් වූ අලුත්ම කෝපි රසයක් හඳුන්වා දී තිබෙනවා. ඒ කෝපි පානයට ඌරු මස් රසය එක කරමින්.

මෙම නව පානය ඔවුන් නම් කර ඇත්තේ “Abundant Year Savory Latte” ලෙසින් Dongpo Braised Pork Flavor Sauce කෝපි සහ කිරි මිශ්‍ර කර මෙම කෝපි පානය සාදනු ලබනවා. ඌරු මස් රසැති මෙම පානයෙහි මිල යුවාන් 68 නොහොත් ඩොලර් 9.45 සඳහන්.

චීන සමාජ මාධ්‍ය වේදිකාවක් වන Weibo හි පළ කරන ලද ඡායාරූප වල , “Abundant Year Savory Latte පානය මත තද රතු සෝස් දමා ඇති අතර ඌරු මස් කැබැල්ලක් ද එහි තබා ඇති බව දක්නට ලැබෙනවා. චන්ද්‍ර අලුත් අවුරුද්ද යනු චීනයේ විශාලතම වාර්ෂික නිවාඩු සමයක් වනවා.

මෙම කාලය තුළ චීනය පුරා සිටින ජනයා තම පවුල් සමඟ සැමරීමට ආපසු නිවෙස් බලා ගමන් කරන ආතර චීන රජයේ දත්ත පෙන්වා දෙන්නේ මෙම වසරේ සංචාරක සමයේදී චීන වැසියන්ගේ සංචාරයන් මිලියන 474 ක් ලෙස සටහන් වී ඇති බවයි.

අලුත් අවුරුදු සමයේදී චීනයේ මස් ආහාරයට ගැනීම ඉහළ යන අතර එහිදී ඌරු මස්වලට හිමි වන්නේ විශේෂ වූ ස්ථානයක්. World Coffee Portal විසින් පසුගිය දෙසැම්බර් මාසයේදී නිකුත් කරන ලද වාර්තාවකට අනුව අමෙරිකාවද අභිබවා ගොස් චීනය ලොව විශාලතම කෝපි වෙළඳපොලට හිමි ස්ථානය ලබාගෙන තිබෙනවා.

ඒ අනුව මෙම ලෝක ප්‍රසිද්ධ කෝපි සමාගම සඳහන් කරන්නේ නවතම ඌරු මස් රසැති කෝපි පානයට මේ වනවිට චීනයේ කෝපි පානය කරන්නන්ගෙන් ඉහළම ප්‍රතිචාර ලැබී ඇති බවයි.(උපුටාගැනීමක්)

GalleryGalleryGallery