අද සිට ගෑස් සම්බන්ධයෙන් ගත් තීරණය මෙන්න..

Sri Lanka Gas High court Nagananda kodithuwakku
By Aruna Dec 31, 2021 08:29 AM GMT
Report

ගෘහස්ථ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීරණයට අනුව කටයුතු කිරීමට පියවර ගෙන ඇති බව පාරිභෝගික අධිකාරිය සහ අදාළ ගෑස් සමාගම් අද අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ, ගෑස් කාන්දුවීම් හේතුවෙන් ඇති වූ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු ගොනුකර ඇති පෙත්සම මෝසමක් මගින් අද කැඳවූ අවස්ථාවේදීයි.

මෝසම මගින් ඔහු ප්‍රකාශ කර තිබුණේ, වෙළඳපොලට නිකුත් කර ඇති අනතුරුදායක ගෑස් සිලින්ඩර ආපසු කැඳවන ලෙස අභියාචනාධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම පාරිභෝගික අධිකාරිය සහ ගෑස් සමාගම් විසින් පැහැර හැර ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now