ගුරුවරුන්ට තහනමක් පනවමින් වහාම චක්‍රලේඛයක් නිකුත් කරයි - කඩ කළොත් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න..

Sri Lanka Sri Lankan Schools
By krishani Oct 15, 2023 07:21 AM GMT
Report

නැගෙනහිර පලාතේ පාසල් වල සේවය කරන ගුරුවරුන්ට තහනමක් පනවා තිබෙනවා.

ඒ තමන් උගන්වන විෂය එම පාසලේ සිසුන්ට පාසල් වේලාවෙන් බැහැරව හා සති අන්ත දිනවල මුදල් අයකර උපකාරක පංති පවත්වා ඉගැන්විම් කිරිම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ය.

රාජ්‍ය සේවක වැටුප් වලට කුමක් සිදු වෙයි ද?. මේ ඒ ගැනයි..

රාජ්‍ය සේවක වැටුප් වලට කුමක් සිදු වෙයි ද?. මේ ඒ ගැනයි..


ඒ සම්බන්ධයෙන් පලාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් චක්‍ර ලේඛයක් නිකුත් කර ඇත.

මෙම චක්‍ර ලේඛය මගින් මෙම නියෝග කඩ කරණ ගුරුවරුන් සම්බන්ධයෙන් අධීක්ෂණය කිරිමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට, විදුහල්පතිවරැන්ට,විෂය සම්බන්ධීකාරකවරැන්ට හා පාසල් අධීක්ෂණ නිලධාරීන්ට බලය පවරා ඇත.

මෙම නියොග කඩ කරන ගුරුවරුන් සම්බන්ධයෙන් දෙමව්පියන් පැමිණිලි කළ හැකිය.

ඒ අනුව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන ඒකකයට හෝ පැය 24 පුරා ක්‍රියාත්මක ආණ්ඩුකාර මහජන පැමිණිලි කාර්යාංශයේ 0267500500 යන දුරකතන අංකය අමතා පැමිණිලි ඉදිරිපත් කල හැකි ය.