පොඩි ලැසී ගැන පොලිස්පති කළ විශේෂ දැනුම්දීම මෙන්න..ආයුධ පෙන්නන්න යයි??.

Police Sri Lanka High court Podi lesi
By Aruna Dec 13, 2021 07:09 AM GMT
Report

රැඳවුම් අවසන් වීමෙන් පසුව පාතාල කල්ලි නායක "පොඩි ලැසී" නැමැත්තා මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන බව පොලිස්පතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

තම ජීවිතාරක්ෂාව තහවුරු කිරීමේ නිකුත් කරන්නැයි ඉල්ලා ජනිත් මධුශංක හෙවත් "පොඩි ලැසී" නැමැත්තා ඉදිරිපත් කළ පෙත්සම අද (13) කැඳවූ අවස්ථාවේ දී එම දැනුම් දීම සිදුකෙරුණි.

"පොඩි ලැසී" ගේ රැඳවුම් නියෝගය මේ මස 15 වනදා අවසන් වීමට නියමිතය.

ඉන්පසුව ඔහු සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය අධිකරණයට දැනුම් දෙන ලෙස ඉකුත් දා අභියාචනාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියම කර තිබුණි.

ඒ අනුව අදාළ පෙත්සම අද අභියාචනාධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී එම දැනුම් දීම සිදුකෙරුණි.

ඉන් අනතුරුව අදාළ පෙත්සම ලබන පෙබරවාරි මස 09 වනදා කැඳවීමට නියම කෙරුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now