25 හැවිරිදි තරුණියක් නිසා ගාබ්සා කිරීමට අවසර දුන් අලුත්ම නඩු තීන්දුව මෙන්න..

India
By Aruna Sep 30, 2022 06:19 AM GMT
Report

සියලුම කාන්තාවන්ට ආරක්ෂිත සහ නීත්‍යානුකූල ගබ්සාවකට හිමිකම් ඇති බවත්, විවාහක සහ අවිවාහක කාන්තාවක් අතර යම් වෙනසක් කිරීම ව්‍යවස්ථා විරෝධී බවත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

එමෙන්ම ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ගැබ් ගැනීම් අවසන් කිරීමේ පනත යටතේ ස්ත්‍රී දූෂණය යන නිර්වචනයට විවාහක දූෂණය ඇතුළත් විය යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ බවයි.

කාන්තාවකගේ විවාහක තත්ත්වය ගබ්සා කිරීමේ අයිතිය අහිමි කිරීමට හේතුවක් විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළ අතර, අවිවාහක කාන්තාවන්ට පවා සති 24 ක් ඇතුළත අනවශ්‍ය ගැබ් ගැනීමක් අවසන් කිරීමට හිමිකම් ඇති බව තීන්දු කළා.

ශේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ, තනිකඩ හෝ අවිවාහක කාන්තාවන්ට අනවශ්‍ය ගැබ් ගැනීමක් ගබ්සා කිරීමේ අයිතිය අහිමි කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවයි.

ගබ්සා කිරීමේ නීති යටතේ විවාහක සහ අවිවාහක කාන්තාවන් අතර වෙනස කෘතිම සහ ව්‍යවස්ථානුකූලව තිරසාර නොවන බව ද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වාදුන්නා.

ශේෂ්ඨාධිකරණය තවදුරටත් පැවසුවේ, කාන්තාවන්ගේ ශරීරයට සහ මනසට ඇතිවන අනවශ්‍ය ගැබ්ගැනීම් වල ප්‍රතිවිපාක අවතක්සේරු කළ නොහැකි බවයි.

අනවශ්‍ය ගැබ් ගැනීම් ඇති කාන්තාවන්ට ගබ්සා නොකිරීමට බල කිරීම, ඔවුන්ගේ ජීවිතයේ ක්ෂණික හා දිගු කාලීන මාවත තීරණය කිරීමේ අයිතිය ඔවුන්ගෙන් ඉවත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන්.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, 25 හැවිරිදි අවිවාහක තරුණියක් ඉදිරිපත් කළ පෙත්සමක් මත මෙම සුවිශේෂී තීන්දුව ලබා දුන් බවයි.

අවිවාහක නිසා පනත යටතේ ගබ්සා කිරීමට අයිතියක් නොමැති බවට නවදිල්ලි මහාධිකරණය දුන් නියෝගයකට එරෙහිව ඇය අභියාචනයක් ඉදිරිපත් කළා.

ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කර තිබුණේ තමා ගැබ් ගෙන සති 23 ක් වන බවත්, සහකරු තමා විවාහ කරගැනීම ප්‍රතික්ෂේප කළ බවයි.

එමෙන්ම, දෙමාපියන් ගොවියන් වන, සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගේ පවුලේ වැඩිමලා වන තමාට දරුවෙකු ඇති දැඩි කිරීමට වත්කමක් නොමැති බවත් ඇය පවසා තිබෙනවා.

ඒ අනුව, පසුගිය ජුලි 21 වනදා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඇයට ගබ්සා කිරීමට අවසර දී ඇත්තේ වෛද්‍ය මණ්ඩලයක් කලලයට හානියක් නොවන බවට නිගමනය කිරීමෙන් අනතුරුවයි.

මෙම නඩු තීන්දුවේ දී 2021 වසරේ දී සංශෝධිත ඉන්දීය ගබ්සා නීති විධිවිධානවල සඳහන් “සැමියා” වෙනුවට “හවුල්කරු” යන වචනය ඇතුළත් කළ බව ද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now