රුසියාවට එල්ල වූ මිලේච්ඡ ප්‍රහාරය ගැන ලංකාවෙන් නිවේදනයක්..!

ISIS ISIS Terrorist Russia Ministry of Foreign Affairs - sri lanka
By Sewvandhi Mar 23, 2024 03:15 PM GMT
Report

විදේශ අමාත්‍යාංශය පවසන්නේ, රුසියාවේ මොස්කව් අගනුවරදී සිවිල් වැසියන් ඉලක්ක කර එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව තරයේ හෙළා දකින බවයි.

සිවිල් වැසියන්ට එරෙහි මෙවැනි නිවට ප්‍රචණ්ඩ ක්‍රියා පිළිකුල් සහගත වන අතර ශිෂ්ඨ සමාජය තුළ ඊට ඉඩක් නොමැති බවයි, නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ.

එසේම, තුවාල ලැබූ සියලු‍ම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවද විදේශ අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකා රජය සහ ජනතාව විපතට පත් වූවන්ගේ පවුල්වලට, මහජනතාවට සහ රුසියානු සමූහාණ්ඩුවේ රජයට හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරන බවද එම නිවේදනයේ සඳහන් ය.