අවාසනාවන්ත ලෙස ගංවතුරින් 31ක් ජිවිතක්ෂයට (විදෙස්)
                                    
                    Afghanistan
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, මධ්‍යම ඇෆ්ගනිස්ථානයට බලපෑ අධික වර්ෂාපතනයත් සමග ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් එක් රැයකදී පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇති බවයි.
එරට ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක Shafiullah Rahimi පැවසුවේ, පසුගිය සිකුරාදා සිට රට පුරා පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් ඇති බවයි.
එමෙන්ම පුද්ගලයින් 40 කට වැඩි පිරිසක් අතුරුදහන්ව තිබෙනවා ගංවතුර තත්ත්වය හේතුවෙන් ජල්රෙස් හි (Jalrez) නිවාස 604 කට පූර්ණ හෝ අර්ධ වශයෙන් හානි වී ඇති අතර ගොවිබිම්වලට ද දැඩි හානි සිදුව ඇති බව සඳහන්.
 පසුගිය මාස හතර තුළ, එරට සිදු වූ ස්වභාවික විපත් ආශ්‍රිත සිදුවීම්වලින් පුද්ගලයන් 214 දෙනෙකු මිය ගොස් ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවේ.
 
                 
                 
                                             
        
     
     
     
     
    