නොසැලිකිලිමත් බස් රියදුරා තරුණ ජීවිතයක් බිලිගනී..!
අද (22) සිය දියණිය යතුරුපැදියකින් පාසල වෙත ගෙනයමින් සිටි ගුරුවරයෙක් රිය අනතුරකින් මිය ගියේය.
අද උදෑසන කොලොන්නාව රාජමහා විහාරස්ථානය අසලදී ඔහුගේ යතුරුපැදිය නොසැලකිලිමත් ලෙස ධාවනය කළ බස් රථයකට යටවී ඇති බවයි, වැල්ලම්පිටිය පොලිසිය පැවසුවේ.
එම අනතුරින් යතුරුපැදියෙහි ගමන්ගත් ගුරුවරයාගේ හත් හැවිරිදි දියණියද බරපතළ තුවාල ලබා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළු කර ඇත.
මෙලෙස මියගිය ගුරුවරයා මෙගොඩ කොලොන්නාව සිට කුප්පියාවත්ත දෙසට සිය දියණිය පාසලට ඇරලවීමට යතුරුපැදියෙන් යන අතරතුර එම දෙසටම ධාවනය වූ බස් රථය කොලොන්නාව රාජමහා විහාරස්ථානය අසලදී එක්වරම වමට හරවා ධාවනය කිරීම නිසාවෙන් යතුරුපැදිය එහි ඇමිණී මීටර් පනහක් පමණ ඉදිරියට ඇදීගොස් පැදිකරු බස් රථය දෙසට ඇදවැටී එම බස් රථයටම යටවී මියගොස් ඇත.
පොලීසිය පැවසුවේ, මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ මෙගොඩ කොලොන්නාව ප්රදේශයේ පදිංචිකරුවකු වන ආමර් රැස්ති නැමැති 36 හැවිරිදි ගුරැවරයෙකි.
අනතුරින් පසු කෝපයට පත් ප්රදේශවාසීන් විසින් පුද්ගලික බස් රථයට ගල්ගසා පහරදී දැඩි අලාභහානි සිදුකර ඇති බවත් ප්රදේශවාසීන්ගේ පහරකෑමට ලක්වූ බස් රථ රියදුරු කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබන බවත්ය.