අභිරහස් ලෙස මියගිය 18 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් හමු තැන.
Sri Lanka Police
Mysterious Death
By Wayomi
සැකකටයුතු ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් රාගල පොලිස් වසමේ ඩෙල්මාර් වත්ත උඩ කොටස ප්‍රදේශයේ කුඩා ජලාශයක තිබී හමු වී තිබෙනවා.
රාගල පොලීසියට ලද තොරතුරක් මත එම සිරුර සොයාගෙන ඇති අතර එලෙස මියගොස් ඇත්තේ 18 හැවිරිදි නානුඔය ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
ඇය පසුගිය මාර්තු 30 වනදා කිසිවෙකුටත් නොදන්වා නිවසින් පිටව ගොස් තිබෙනවා.
ඒ පිළිබඳ සොයා බලන අතරතුර මෙම සිරුර හමුව ඇති අතර මෘත ශරීරය නුවරඑළිය රෝහලේ තැන්පත් කර ඇත.
රාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.