පානදුර ප්‍රදේශයේදී ලොරියට නංවාගෙන18 හැවිරිදි තරුණියක්ව කෙළසූ 3ක් ඇල්ලූ හැටි.

Sri Lanka Police Sri Lanka Crime
By Wayomi දින 4 කට පෙර

18 හැවිරිදි තරුණියක්ව සමූහ දූෂණයට ලක් කළ තිදෙනෙක් පානදුර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පානදුර අරුක්ගොඩ සහ එගොඩඋයන ප්‍රදේශයේ පදිංචි 45, 24 සහ 23 හැවිරිදි පුද්ගලයන් තිදෙනෙක්.

පසුගිය 03 වන දා රාත්‍රියේ ඇය සේවය නිමවා නිවසට යමින් සිටියදී නිවසට ඇරලවීමට යැයි පවසා ලොරි රථයක නංවාගෙන, වාද්දුව ප්‍රදේශයේ පාළු වත්තකට රැගෙන ගොස්, ගෙලට කිනිස්සක් තබා ලොරි රථය තුලදීම සමූහ දූෂණයට ලක් වී තිබෙනවා.

පසුව දූෂණයට ලක් වූ තරුණිය විසින් පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතාගේ සෘජු අධීක්ෂණය පොලිස් කණ්ඩායම් දෙකක් සිසීටීවී දර්ශණ සියයකට වැඩි ප්‍රමාණයක් පරීක්ෂා කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා.

ස්ත්‍රී දූෂණ චෝදනා එල්ලවී ඇති එක් සැකකරුවෙකු මාස 8කට පෙර විවාහවී ඇති අයෙකු බවද පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්