නෙළුම් කුළුණට ගිය තරුණියක් සහ තරුණයෙක් මියයයි..

Police spokesman Colombo Department of Prisons Sri Lanka Death
By Aruna Mar 12, 2024 06:01 AM GMT
Report

කොළඹ නෙළුම් කුලුනේ අවහන්හලක පැවැති සාදයකට සහභාගී වූ දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස මිය මිය ගිය පුවතක් වාර්තා වනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, 27 හැවිදිරි තරුණියක් සහ 22 හැවිරිදි තරුණයෙක් බවයි පැවසෙන්නේ. ඔවුන් සාදය අතරතුර දී කිසියම් මත්ද්‍රව්‍යයක් පානය කර ඇති බව ද සඳහන් වේ.

එහි දී හදිසියේ රෝගාතුර වූ ඔවුන් දෙදෙනාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් අනතුරුව ඔවුන් මිය ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මාලිගාකන්ද මහෙස්ත‍්‍රාත්වරයා විසින්, මියගිය දෙදෙනාගේ මූලික මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණ සිදු කර ඇත.

ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී සිදුකර එම වාර්තා ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කර තිබේ.

මේ අතර මරණකාරියගේ මව පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ, සිය දියණියගේ මරණය සැක සහිත බවයි.

අදාළ සාදයේ දී මිය ගිය තරුණිය ඇතුළු හත් දෙනෙකු කිසියම් මත්ද්‍රව්‍යයක් ගත් බවයි, ඇයගේ පෙම්වතා බව කියන තරුණයකු පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.