කෑම්පින් කළ තරුණියකට සිදුවූ අවාසනාවන්ත ඉරණම..තරුණයත් ලඟම ඉදලා.(PHOTOS)
වර්තමානයේ තරුණ තරුණියන් බොහෝදෙනෙකු සිය ජීවිතය විදින්නට විවිධ ස්ථාන වල සංචාරය කිරීම දකින්නට ලැබේ. එහිදී කණ්ඩායම් වශයෙන් සහ යුවලවල් ලෙස ඇතැම් ස්ථාන වල කෑම්පින් කිරීමද සිරිතකි.
එලෙස කොස්ලන්ද උඩ දියලුම ප්රදේශයේ සංචාරය කරමින් කෑම්පින් කළ යුවලකට අවාසනාවන්ත ඉරණමකට මුහුණදීමට සිදුවූ පුවතක් වාර්තා වනවා.
ඔවුන් නතරවී සිටි ප්රදේශයේ සැරිසැරූ වන අලියෙකු එම තරුණ යුවලට පහර දීමක් සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.
මෙම පහරදීමෙන් අවාසනාවන්ත ලෙස තරුණිය ජීවිතක්ෂයට පත්වී තිබේ.
පහරදීමෙන් තුවාල ලැබූ තරුණයා ද රෝහල්ගත කර ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ මාතර ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක තරුණියක් වන අතර, තුවාල ලබා රෝහල් ගත කළ තරුණයා වාරියපොල ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් වන අයෙකි.
මෙම අවාසනාවන්ත සිදුවීමෙහි ඡායා රූපයන් අප වෙත ලැබී තිබේ.
එම ඡායාරූප පහතින් බලන්න,
මේ අතර නිවසේ තනිව සිටි 25 හැවිරිදි තරුණියක් හිටිහැටියේ මියගිය පුවතක්, ඉංගිරිය ප්රදේශයෙන් වාර්තා වනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉංගිරිය බෝධිනාගල යහල වත්ත පෙදෙසේ පදිංචිව සිටි දිනුශිකා දමයන්ති ජයසිංහ නමැති තරුණියක් බවය් පොලීසිය පවසන්නේ.
එසේම මෙම තරුණිය මීට මාස කීපයකට පෙර විවාහ වී ඇති අතර,මිය ගිය තරුණියගේ ස්වාමිපුරුෂයා රැකියාව නිමවා නිවසට එද්දී සිය බිරිඳ මුළුතැන්ගෙයි සිහිසුන්ව වැටී සිටින දැක වහා ක්රියාත්මක වී ඉංගිරිය ප්රාදේශීය රෝහල වෙත රැගෙන ගිය ද ඒ වන විටත් ඇය මියගොස් සිටි ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මෙම මිය ගිය තරුණිය වැටී සිටි මුළුතැන් ගෙට ආසන්න කාමරයක විදුලි පේනුවක් බිත්තියෙන් වෙන් වී පිටතට නෙරා තිබූ බවත් තරුණිය මිය ගියේ පැවති අධික වර්ෂාවත් සමග අකුණු සැර වැදීමෙන් ද යන්න සැකයක් හට ගෙන තිබෙන බවත් පොලිස් නිලධාරියකු ප්රකාශ කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |