සංචාරක හෝටලයේ වැසිකිලි වලෙන් මතුවූ තරුණියගේ මළ සිරුර - දර්ශන සහිතයි..(VIDEO)

Sri Lanka panadura Hotel Kadavatha Night club
By Sewvandhi Mar 29, 2022 11:54 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පානදුර, පින්වත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක වැසිකිළි වළක් තුළ තිබී තරුණියකගේ සිරුරක් අද (29) පස්වරුවේ සොයා ගැණුනි.

පානදුර අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා ඉදිරියේ වැසිකිළි වළේ කොන්ක්‍රීට් පියන විවෘත කිරීමෙන් පසු සිරුර හමුවී තිබුණි. මෙසේ සොයාගත් සිරුර කඩවත ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියකගේ බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.

පානදුර කීල්ස් නිවාස සංකීර්ණ පාරේ පිහිටා ඇති අදාළ සංචාරක හෝටලයේ වැසිකිළි වළක් තුළ කාන්තා සිරුරක් ඇති බවට තොරතුරු ලැබුණු බව හෝටල් හිමිකරු විසින් පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිරුර සොයාගෙන තිබුණි.

වැසිකිළි වළේ තිබී කාන්තා අත් ඔරලෝසුවක්, ජංගම දුරකථන ආරෝපණයක්, උල් පිහියක්, කාන්තා පාවහන් යුගලයක්, උපත් පාලන කොපුවක්, තුවායක්, පාපිසක් සහ රෙදි කැබැලි කිහිපයක්ද සොයාගෙන තිබේ.

අදාළ හෝටලයේ කළමණාකරු සහ හෝටල් සේවකයින් දෙදෙනෙක් ඊයේ (28) අලුයම හෝටලයෙන් පළාගොස් තිබූ අතර සේවකයින් දෙදෙනා මේ වනවිට අත්අඩංගුවේ පසුවන බව පොලීසිය පැවසීය. 

සිද්ධිය සම්බන්ධයෙන් සැක කෙරෙන පළාගොස් සිටින හෝටල් කළමනාකරු ඇතුළු තිදෙනෙක් සොයා පරීක්ෂණ සිදුකරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල සහ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 40 සහ 45 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now