බැක්ටීරියාවක් කළ දෙයක් - කාන්තාවකගේ පාදයක් අහිමි වී යයි.. සති දෙකක් කෝමා තත්ත්වයේ ඉඳලා..
බැක්ටීරියා ආසාදන තත්ත්වයක් හේතුවෙන් අමෙරිකාවේ 33 හැවිරිදි කාන්තාවකගේ පාදයක් අහිමි වී තිබෙනවා.
මෙම බැක්ටීරියා තත්ත්වය Jennifer Barlow නම් වන ඇට්ලන්ටා කාන්තාවකට ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ Bahamas හි සිටියදී ය.
ඒ හේතුවෙන් ඇය පසුගිය මාස පහක කාලයක් රෝහලේගතව සිටි බව වාර්තා වේ.
ඇය කියා සිටියේ Bahamas හි වෙත සංචාරයක යෙදී සිටියදී ඇගේ කකුලේ තිබූ කුඩා තුවාලයක් නිසා සාගර ජලයට නිරාවරණය වූ විට බැක්ටීරියාව වැළඳුනු බවයි.
ඉන් පසුව හදිසි ප්‍රතිකාර ඒකකයට ගිය විට වෛද්‍යවරුන් පවසා තිබුණේ එය සරල ඉදිමුමක් වන අතර ඇයට කිහිලිකරු ආධාරයෙන් ඇවිදින ලෙස ය.
වේදනාව සමනය කිරීමට වේදනා නාශක භාවිත කරන ලෙසත් වෛද්‍යවරුන් පවසා ඇත.
ඉන් දිනකට පසු, ඇය හදිසියේම බිම වැටී ගොස් ඇති අතර බැක්ටීරියා ඇගේ රුධිරයට ඇතුළු වූ බැවින් සති 2 ක් කෝමා තත්ත්වයේ පසු වී තිබෙනවා.
මේ අතර ඇයගේ වකුගඩු සහ අක්මාව අකර්මණ්‍ය වීමේ ලක්ෂණ පෙන්නුම් කර ඇත.
ඒ හේතුවෙන් ඇයට හුස්ම ගැනීමට යන්ත්‍රයක් අවශ්‍ය වී තිබෙනවා.
කෙසේ වෙතත් අවසානයේ දී ඇයගේ පාදය බේරා ගැනීමට වෛද්‍යවරුන් කළ සියලු දේ නිශ්ඵල වී ඇත.
පසුව ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා පාදය ඉවත් කිරීම සිදු කර තිබෙනවා.