ගූගල් සමාගමට එරෙහිව කතකගෙන් හදිසියේම නඩුවක් වැටෙයි - තවත් ගොඩක් දෙනෙක් ඒ ගැනම කියලා.. නඩු දාන්න හේතුව ඇය කීවේ මෙන්න මෙහෙමයි..

Google
By krishani Sep 23, 2023 04:38 AM GMT
krishani

krishani

in ලෝකය
Report

කාන්තාවක් විසින් ගූගල් සමාගමට එරෙහිව නඩු පවරා ඇති පුවතක් වාර්තා වෙනවා.

ඒ අමෙරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයෙන් ය.

මෙලෙස ඇය නඩු පවරා ඇත්තේ ගූගල් සිතියමේ උපදෙස්වලට අනුව කඩා වැටුණු පාලමක් මතින් රිය පැද වූ තම ස්වාමිපුරුෂයා එම පාලම කඩා වැටී සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත්වීම නිසා ය.

එම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 47ක් වන වෛද්‍ය උපකරණ අලෙවි කිරීමේ නිරතව සිටි පිලිප් පැක්ස්ටන් නැමති පුද්ගලයෙක් ය.

එම රිය ධාවනය කළ පාලම වසර 9කට පෙර කඩා වැටුණු පාලමක් බව පසුව අනාවරණය වී ඇති අතර පසුගිය වසරේ සැප්තැම්බරයේ දී මෙම අනතුර සිදු වී තිබෙන්නේ.

මියගිය පුද්ගලයා සමඟ ඔහු පැද වූ ජීප් රථය දියට වැටී ගිලී ඇති අතර ඔහුගේ බිරිඳ එම නඩුව පැවරීමට පසුගිය දා කටයුතු කළේ ගූගල් සමාගමේ සිතියමේ නොසැලකිමත් උපදෙස් සම්බන්ධව අවධාරණය කරමින් ය.

කෙසේ වෙතත්, එම පාලම වසර 9කට පෙර කඩා වැටුණු පාලමක් බවට එම අනතුරට පෙර බොහෝ දෙනෙක් ගූගල් සමාගමට දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.