පාසල් ළමුන් 150ක් යන පාරක වන අලි පහරදීමක්..එක් අයෙකුට බරපතලයි(PHOTOS)
අද උදෑසන 6.30ට පමණ සූරියවැව වල්සපුගල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි හතළිස් හැවිරිදි පුද්ගලයෙකුට වන අලියෙකු විසින් පහරදීමෙන් එම පුද්ගලයා බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සූරියවැව වල්සපුගල ප්‍රදේශය වන අලි ගැටලුව උග්‍ර වීමෙන් වසර ගණනාවක් පුරාවට එහි සිටින ජනතාව පීඩාවට පත්ව සිටී.
රාත්‍රියේ පමණක් නොව දහවල් කාලයේදී ද වන අලින් ගම්වැදී නිවාස වගා භූමි සහ ජීවිතවලට පවා හානි සිදු කරමින් පවතී.
මීට ඉහතදී ගොවීන් වල් සපුගලදී විරෝධතා පවත්වා වන අලින් වෙනුවෙන් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය වෙන්කර ගත්තද වන අලින් අදටත් සැරිසරන්නේ ගම්මාන ආශ්‍රිතව බවයි ජනතාව පවසන්නේ.
එයට හේතුව වී ඇත්තේ වන අලින් සඳහා ජීවත්වීමට ඇති කැලෑ ප්‍රදේශ මේ වන විට විවිධ සංවර්ධන කටයුතු සහ ගල් කොරි මහා පරිමාණ වගා ව්‍යාපෘති, සූර්ය බල ව්‍යාපෘති , අධිවේගී මාර්ග, ගුවන්තොටුපොළ වරාය ක්‍රිකට් ක්‍රීඩාංගන වැනි දෑ සඳහා යොදාගැනීමෙන් වන අලින් දිනෙන් දින ගම්මාන වෙත කඩා පනිමින් ජන ජීවිතයට හානි කරයි.
සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 21 න් ග්‍රාමසේවා වසම් 19කටම වන අලි ගැටලුව සෘජුව බල පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
අද උදෑසන වන අලියාගේ පාර කෑමට ලක්වූ පුද්ගලයා ගමන් ගත් මාර්ගයේ දිනකට පාසල් ළමුන් එකසිය පනහකට ආසන්න පිරිසක් ගමන් කරන බව ප්‍රදේශවාසින් පවසයි.
මෙම ප්‍රදේශයට ආසන්නයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන ආකාරයද දැකගත හැකිය. විදුලි වැට ඉදිකර තිබුණද නිසි ප්‍රමිතියකින් ඉදිකිරීම් කටයුතු සිදු නොකරන බවට ද ප්‍රදේශවාසීන් චෝදනා කරයි.
මෙලෙස මිනිස් ජීවිත අකාලයේ බිළිගන්නට නොදී, මේ සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට රජය කටයුතු කරන්නේ නම් එය ජනතාවගේ මෙන්ම වන අලින්ගේ සුරක්ෂිත තාවයට හේතුවක් නොවන්නේ ද?.
මීට අදාල වීඩියෝවක් පහතින් නරඹන්න,