අධිවේගී මාර්ගයේ ගමන් කරන රියැදුරන්ට අනතුරු ඇඟවීමක්.
Floods In Sri Lanka
Highways In Sri Lanka
By Wayomi
අධිවේගී මාර්ගයේ ගමන් කරන රියැදුරන්ට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කළ අනතුරු ඇඟවීම තවදුරටත් ක්රියාත්මකයි.
මෙම අනතුරු ඇඟවීම සිදු කරනු ලැබුවේ,පවතින අධික වැසි තත්ත්වයත් සමඟ කොක්මාදුව හුවමාරුවෙන් පිටවී කනංකේ දෙසට ගමන් කළ නොහැකි මට්ටමට එම මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන්.
ඒ, අනුව කොළඹ සිට ගමන් ගන්නා රථවාහන පාලටුව අන්තර් හුවමාරුවෙන් ද මත්තල සිට පැමිණෙන රථවාහන ගොඩගම හුවමාරුවෙන් ද පිටවීමට කටයුතු කරන ලෙසටයි සියලුම රියැදුරන්ට දැනුම් දී තිබෙනවා.