ඇමෙරිකානුවන්ට ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවීමක්.

By Wayomi Dec 26, 2022 05:56 AM GMT
Report

පාකිස්තානයේ රැඳී සිටින ඇමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

ඒ, ඇමෙරිකානුවන් බොහෝ දෙනකු නවාතැන් ගන්නා සහ නිතර ගැවසෙන ඉස්ලාමාබාද් අගනුවර පිහිටි සුඛෝපබෝගී ‘මැරියට්’ හෝටලයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බවට පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර, ඇමෙරිකන් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

ඔවුන් අනතුරු අඟවමින් පවසන්නේ, නත්තල් නිවාඩු දින කීපයේ ‘මැරියට්’ හෝටලයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බවත්, ත්‍රස්තයන්ගේ ඉලක්කය වනු ඇත්තේ හෝටලයේ සිටින ඇමෙරිකානුවන් ඇතුළු විදේශිකයන් බවයි.

තමන්ට ලැබුණු තොරතුරු අනුව ඇමෙරිකන් බුද්ධි අංශ සහ රජය, ඔවුන්ගේ තානාපති කාර්යාලය හරහා අනතුරු ඇඟවීම සිදු කළ අතර පාකිස්තාන රජය සහ බුද්ධි අංශ ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙනවා.පසුගිය සිකුරාදා (23) ඉස්ලාමාබාද් අගනුවර ජනාකිර්ණ ප්‍රදේශයක මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් ද සිදුවුණා.

එම ප්‍රහාරයේ වගකීම පාකිස්තාන තලේබාන් සංවිධානය බාරගත් අතර පාකිස්තාන තලේබාන්වරුන්, ඇෆ්ගන් තලේබාන්වරුන්ගෙන් වෙන්වුණු වෙනම කණ්ඩායමකි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW