මෙරට "ටයිපොයිඩ්" අවදානම වැඩිවෙයි. - සෞඛ්‍ය අංශ වලින් අනතුරු ඇඟවීමක්.

Ministry of Health Sri Lanka Healthy Food Recipes Public Health Inspector Disease
By Wayomi May 17, 2024 06:11 AM GMT
Report

මේ දිනවල ටයිපොයිඩ් නම් බැක්ටීරියාව පුද්ගලයන් අතර ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

මේ බැක්ටීරියාව සෑදෙන්නේ මල අපද්‍රව්‍ය මගින් වන අතර එම බැක්ටීරියාව ආසාදිත පුද්ගලයකුගේ මලපහවලින් මෙය තවත් පුද්ගලයකුට බෝවිම මඟින්.

ඒ, අනුව විශේෂයෙන් නිවෙස්වල පිසින ලද ආහාර පරිභෝජනයට නොගන්නා සහ බාහිර ස්ථානවලින් ආහාර ගන්නා පිරිස මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුම් දෙන්නේ.

රාජ්‍ය අමාත්‍යවරයා ගුවන්තොටුපොළේ නැටූ නාඩගමට හේතුව මෙන්න. - (VIDEO)

රාජ්‍ය අමාත්‍යවරයා ගුවන්තොටුපොළේ නැටූ නාඩගමට හේතුව මෙන්න. - (VIDEO)


මෙම බැක්ටිරියාව ආසාදිත පුද්ගලයකු ආහාර පාන සකසා දීමේදී ඔහුගෙන් මෙය තවත් කෙනකුට බෝවීමේ අවධානමක් පවතින අතර එම හේතුවෙන් සෑම විටම නිවෙස්වල පිසින ලද ආහාර පාන ලබා ගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මෙම බැක්ටීරියාව ආසාදනය වු විට ක්‍රමයෙන් වැඩිවන උණ, හෘද ස්පන්දනය අඩුවීම, වෙහෙසකාරි බව සහ කැස්ස, හිසරදය, මලබද්ධය වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකියි.

එමෙන්ම ටයිපොයිඩ් බැක්ටීරියාව ආසාදනය වු පුද්ගලයන්ට සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මගින් අදාළ එන්නත් නොමිලයේ ලබා ගැනීමට හැකියාවද පවතියි.

..........................................

May you Like