ඩොල්ෆීන් ප්‍රහාර සම්බන්ධයෙන් ජපානයෙන් කළ අනතුරු ඇඟවීම.

Japan Accident
By krishani Jul 17, 2023 05:56 AM GMT
Report

මධ්‍යම ජපානයේ වෙරළ තීරයක දී ඩොල්ෆින් මත්ස්‍යයින්ගේ ප්‍රහාරයකින් පිහිනුම් ක්‍රීඩකයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඒ ෆුකුයි ප්‍රාන්තයේ මිහාමා නගරයේ සුයිෂෝහාමා වෙරළට මීටර් කිහිපයක් ඔබ්බෙන් ය.

එම ප්‍රහාරයෙන් 60 හැවිරිදි පුද්ගලයෙක්ගේ ඉළ ඇට කැඩී අතර අත් සපා කෑමට ලක් වී ඇත.

එමෙන්ම තවත් 40 හැවිරිදි පුද්ගලයෙකුගේ අත සපා කෑමට එම දිනයේ දීම ලක්ව ඇති අතර පසු දිනයේ දී ද තවත් පුද්ගලයින් දෙදෙනෙකුට ප්‍රහාර එල්ල කර තිබෙනවා.

කෙසේ වෙතත්, පිහිනන්නන්ට මෙම ඩොල්ෆින් මත්ස්‍යයින් වෙත ළංවීම හෝ ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසට පුවරු සවි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.