වසර 600ක නින්දෙන් පිඹී - ගිනිකන්දක් නැවත සක්‍රීය වෙයි [VIDEO]
Latest Headlines
By R.rishma
රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ පිහිටි ක්‍රැෂෙනිනිකොව් ගිනිකන්ද ඊයේ (03) සක්‍රීය වී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම ගිනිකන්ද වසර 600කට ආසන්න කාලයක නිහඬතාවයකින් පසුව මෙලෙස සක්‍රීය වී තිබේ.
එය අවසන් වරට සක්‍රීය වී ඇත්තේ 1450 දී පමණ බව වාර්තා වේ.
විශේෂඥයන් පවසන්නේ, රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට ආසන්න පැසිෆික් සාගරයේ සුනාමි තත්ත්වයක් ඇති කළ රික්ටර් මාපකයේ ඒකක 8.8ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක බලපෑම හේතුවෙන් මෙම ගිනිකන්ද සක්‍රීය වන්නට ඇති බවයි.