මිනිසුන් නොමැති ගම්මානයක් ලොකු ගාණකට අලෙවියට දාලා..
By krishani
ස්පාඤ්ඤයේ අතහැරී ජනාවාස නොවූ ගම්මානයක් යූරෝ 227,000ක මුදලකට අලෙවියට යොමු කිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ගම්මානයේ නිවාස 44 ක්, හෝටලයක්, දේවස්ථානයක්, පාසලක්, නාගරික නාන තටාකයක් පිහිටා ඇති අතර මෙම ගම්මානය 1980 වසරේ සිට අතහැර දමා ඇත.
1950 වසරේදී මෙම ගම්මානය එම ගම්මානයට යාබඳව ජලාශයක ඉදිකිරීම් කටයුතුවල නිරත වූ සේවකයින් සඳහා නවාතැන් ගැනීමට ඉදිකර ඇත්තේ.
1980 වසරේදී ජලාශයේ ඉදිකිරීම් අවසන් වූ පසු එම සේවකයන් ඉන් ඉවත්ව ගොස් ඇත.
2000 වසරේදී පුද්ගලයෙකු විසින් මෙය සංචාරක කර්මාන්තය සඳහා යොදාගැනීමට මිලදී ගෙන තිබුණද එයද අසාර්ථක වී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |