ඉන්දියාවෙන් ඩෙංගු වලට නව එන්නතක් හදුන්වා දෙයි..

Dengue Prevalence in Sri Lanka India World National Health Service
By Hashini Aug 25, 2023 03:05 AM GMT
Report

ඉන්දියාවෙන් ඩෙංගු රෝගීන් සඳහා එන්නතක් ලබා දීමට සුදානම් වනවා.

2026 වසරේ ජනවාරි මාසයේදී මෙම එන්නත ලබා දීමට කටයුතු කරන බවයි ඉන්දියානු ප්‍රතිශක්තිකරණ විද්‍යාඥයන් පවසන්නේ.

මුල් අවධියේ කරන ලද අත්හදා බැලීම්වලින් අහිතකර තත්ත්වයන් වාර්තා නොවූ අතර මෙම අත්හදා බැලීම සිදු කර ඇත්තේ වයස අවුරුදු 18 - 50ත් අතර පුද්ගලයන් 90 දෙනෙකුට බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මදුරුවන්ගෙන් බෝවන රෝගයක් වන ඩෙංගු,පසුගිය වසර කිහිපය තුල ඉන්දියාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුව බවට පත්ව තිබු අතරම, ජනවාරි හා ජුලි අතර කාලය තුල ඩෙංගු රෝගීන් 31,464ක් සහ මරණ 36 වාර්තා වී තිබෙනවා.

2026 මුල් භාගය වන විට ඩෙංගු උණ එන්නත වාණිජමය වශයෙන් ලබා දීමට අපේක්ෂා කරන බවයි එන්නත් නිෂ්පාදක ඉන්දියානු ප්‍රතිශක්තිකරණ ආයතනය පවසන්නේ.