අද පොහොට්ටු සම්මේලනයට එන අයට තණකොළ කැවීමේ සූදානමක්..පොහොට්ටුවෙනුත් සුපිරි කෑමක් දෙන්න යයි..

Basil Rajapaksa Mahinda Rajapaksa Namal Rajapaksa Sri Lanka Podujana Peramuna Sagara Kariyawasam
By Aruna Dec 15, 2023 06:27 AM GMT
Report

අද දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්මේලනය පිළිබඳව අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ ධානීෂ් අලී විශේෂ අදහස් දැක්වීමක් සිදුකර තිබෙනවා.

"මේ රට බංකොළොත් කරපු ආර්ථික ඝාතකයෝ පවත්වන්න යනවා සමුළුවක් , මේ පොහොට්ටුවේ බයියෝන්ට මැයි 9 අමතකද කියායි අපි අසන්නේ.

මැයි 9 බේරේ වැවේන් නෑවේ මේ පාර තණකොළ කවන්න ලෑස්තියි.

මේ රටේ මිනිස්සු පෝලීම්වල මැරුණා , අද බොම්බයි ලූණූ 500ට වඩා ඉහළ ගිහින්. මේ හැමදේටම වගකියන්න ඕනේ මේ පොහොට්ටුව නැමැති ත්‍රස්තවාදී කණ්ඩායමයි.

මේ ත්‍රස්තවාදීන් ආ‍යෙත් මුදල් වලට මිනිස්සු ගෙන්නනවා , රට පුරාම කොඩි දාලා කිසිම අවසරයක් තොරව.

පොහොට්ටුව කියන්නේ මේ රටට පිළිළයක් , ලංකාවේ ජරා ජීර්ණ වෙච්චි හැම දේශපාලකයෙක්ම හිටගත්ත පක්ෂය පොහොට්ටුව.

ඉතින් මැයි 9 බේරේ වැවේ නෑව්වා වගේ තණකොළ සංග්‍රහයක් ලෑස්තියි එන්න " යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සම්මේලනයට සහභාගී වන ජනතාව රැගත් බස් රථ දිවයින පුරා සියලු ප්‍රදේශ වල සිට මේ වන විට කොළඹට පැමිණෙමින් තිබෙන බව වාර්තා වනවා.

සම්මේලනයට සහභාගී වන ජනතාවට ආහාර පාන ඇතුළු සියලු පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පියවර ගෙන ඇති බවටයි මේ වන විට වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සම්මේලනය අද පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

එම පෙරමුණ සඳහන් කළේ, ඒ සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි.