මේ 05 වෙනිදා?. මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.
මහ බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ ලබන 05 වනදා රුපියල් මිලියන දෙලක්ෂ 35,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බවයි.
එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 40,000ක බිල්පත් වෙන්දේසි කෙරෙයි.
එමෙන්ම, දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 75,000 ක සහ දින 364 කින් කල් පිරෙන මිලියන එක් ලක්ෂ 20,000ක බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.
මේ අතර, මෙරට සෑම පුරවැසියකුටම විශ්‍රාම වැටුපක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි හිටපු අමාත්‍යය, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් චන්ද්‍රසේන මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, තඹුත්තේගම අධ්‍යාපන කළාපයේ කිරලෝගම, සුබෝධි මහා විද්‍යාලයේ සුහුරු පන්ති කාමර කට්ටලයක් සිසු අයිතියට පත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ය.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,